ආසියානු කුසලානය ගේන්න ආසියානුශූරියෝ අද පිටත් වෙති

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවය සඳහා අද උදෑසන කොළඹ ටොරින්ටන් නව ක්‍රීඩාංගනය අසලින් පිටත් වුණා.

මෙවර කණ්ඩායමේ නායිකාව ලෙස දුලංගි වන්නිතිලක කටයුතු කරන අතර පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි ද, කළමණාකරු ලෙස පද්මිණී හොරනගේ ද, ආසියානු නෙට්බෝල් සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා ද, කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ලාල් ඒකනායක ද, සම්භාහක ලෙස මනෝජ් දර්ශණ ද කණ්ඩායමට එක්වේ.

කණ්ඩායම පිටත් වීමට පෙර කණ්ඩායම් නායිකා දුලංගි වන්නිතිලක අදහස් දැක්වුවා….v cut

පුහුණු කාරිනිය දීපා නාලනී ප්‍රසාදි අදහස් දැක්වුවා…

පළමු වතාවට ආසියානු රටවල් 14 මෙවර ශූරතාවලිය සඳහා එක් වේ. මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 17 වන දින සවස 3.00 ට ද, තරගාවලිය ඔක්තෝබර් 18 දින සිට 27 දින දක්වා ද ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්වේ.

කණ්ඩායම් නායිකාව දුලන්ගි වන්නිතිලක වන අතර, සෙසු ක්‍රීඩාවන් වන්නේ හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලී, ගයාංගලී අමරවංශ, තිෂලා අල්ගම, ශානිකා පෙරේරා, ගයානි දිසානායක, ගයාත්‍රි කෟෂල්‍යා, සුසීමා බණ්ඩාර, සචිනි රොද්‍රිගෝ, මල්මි හෙට්ටිආරච්චි, චලිනි නීෂා වේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *