ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ දී ලංකාවට තවත් රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක්

ඩුබායි හි පැවැත්වෙන 21 වැනි ආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 4×100 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට අද (27) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම තත්පර 39.81කින් තරගය අවසන් කරමින් දෙවනි ස්ථානයට පත් වෙමින්.

එහිදී මෙම තරගයේ පළමු ස්ථානය හොංකොං කණ්ඩායමත් (තත්. 39.67), තුන්වැනි ස්ථානය ඉන්දියාවත් (තත්. 40.01) දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම, අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 4×400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, එම තරග‍ය විනාඩි 03යි තත්පර 46.20 කින් අවසන් කරමින්.

ඉන් අනතුරුව පැවති, මීටර් 4×400 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, එම තරග‍ය විනාඩි 03යි තත්පර 09.48 කින් අවසන් කරමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *