ඇන්ඩර්සන්ගේ අනාගතය අවිනිශ්චිතතාවක

එළඹෙන ග්‍රීෂ්ම සෘතුව අවසානයේ එංගලන්ත සුපිරි ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කිරීමට සූදානමින් සිටින බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

42 වැනි වියෙහි පසුවන ඇන්ඩර්සන්ගේ ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් ද ගාඩියන් වාර්තා කළේ, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්, 2025-26 අළු බඳුන තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන් සලකා බැලීම සඳහා සූදානමින් පසුවන බව මෙම සතිය මුල දී ඇන්ඩර්සන්ට පෞද්ගලිකව දැනුම් දී ඇති බවයි.

අඛණ්ඩව දක්ෂතා අතර පසුවන ඇන්ඩර්සන් මේ වසර මුල පැවැති එංගලන්තයේ ඉන්දීය සංචාරයේ අවසන් තරගයේදී ටෙස්ට් කඩුලු 700කට ළඟා වූයේ එම සීමාව පසු කළ ලොව තෙවැනියා බවට පත් වෙමින්.

කෙසේ නමුත් ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙනේ ඇන්ඩර්සන් එම දස්කම දක්වා තිබුණ ද, ඔහු ඉන්දියාවේ දී ඉනිම් හතක් පුරා ඕවර 110ක් පමණක් යවා ඇති බවත් එය තරමක් සාපේක්ෂව අඩු කාර්ය භාරයක් බවයි.

මේ අතර ඇන්ඩර්සන් පසුගිය ගිම්හානයේ දී ඔස්ට්‍රෙලියාව එරෙහිව ටෙස්ට් තරග 4ක් පුරා 85.40ක ලකුණු සාමාන්‍යයක් යටතේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

එළඹෙන ජූලි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරගාවලිය අවසානයේ ඔහුට වයස අවුරුදු 42ක් වන අතර, අගෝස්තු මස අග දී ඇන්ඩර්සන්ගේ උපන් බිම වන එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි දී ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනකින් සමන්විත තරගාවලිය ඔහුට ගෞරවනීය සමු ගැනීමක් ලබා ගත හැකි තරගාවලියක් වනු ඇති බවට ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *