ඇන්ඩර්සන් අමෙරිකානු විස්සයි විස්ස සංචිතයට

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන අමෙරිකානු සංචිතයට නම් කර තිබෙනවා.

33 හැවිරිදි ඇන්ඩර්සන් ඉකුත් මාසයේ ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් සිය මංගල තරගයට සහභාගි වූ අතර, එක්සත් ජනපදයට සංක්‍රමණය වීමෙන් පසු ලෝක කුසලාන සම සත්කාරක කණ්ඩායම් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඇන්ඩර්සන් 2012 සිට 2018 දක්වා නවසීලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තුනක් ඇතුළුව තරග 93ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඇන්ඩර්සන් එක්සත් ජනපද කණ්ඩායමට නම් කිරීමත් සමග ඔහු පිරිමි T20 ක්‍රිකට් තරඟ සඳහා රටවල් දෙකක් නියෝජනය කළ ක්‍රීඩකයින් අතුරෙන් 19 වැනියා බවට පත් වීම ද විශේෂත්වයක්.

එළඹෙන ජුනි මාසයේ දී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය එක්සත් ජනපදයේ නිව් යෝර්ක්, ඩලස් සහ ලෝඩර්හිල් යන ස්ථානවල මෙන් ම කැරිබියන් දූපත්වල ස්ථාන 6ක දී ක්‍රියාත්මක වීමට නියමිතයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *