ඇන්ඩර්සන් සමුගැනීම නිවේදනය කරයි

එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරන බව නිවේදනය කරනවා.

දැනට ටෙස්ට් පිටියේ පමණක් රැඳී සිටින ඇන්ඩර්සන් කියා සිටින්නේ, එළඹෙන ගිම්හානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිය අවසන් ටෙස්ට් තරගය වන බවයි.

ක්‍රිකට් ලොවේ රන් දෙවොල ලෙසින් හැඳින්වෙන සුප්‍රකට ලෝඩ්ස් පිටියේ දී සිය ක්‍රිකට් දිවිය නිමා කිරීමට සූදානමින් පසුවන ඇන්ඩර්සන් දෙවැනි වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වීමට තවත් කඩුලු 8ක් පමණ පසු පසින් සිටිනවා.

42 වැනි වියෙහි පසුවන ඇන්ඩර්සන්, මේ වසර මුල පැවැති එංගලන්තයේ ඉන්දීය සංචාරයේ අවසන් තරගයේදී ටෙස්ට් කඩුලු 700 සීමාවට ළඟා වූයේ එම සීමාව පසු කළ ලොව තෙවැනියා බවට පත් වෙමින්.

සිය ක්‍රිකට් දිවියේ සමුගැනීම නිවේදනය කර ඇති ඇන්ඩර්සන්ට ඔහු ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගත හොත් ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින දිවංගත ලෝක පූජිත දඟපන්දු පන්දු යවන්නා වූ ශේන් වෝන්ගේ ස්ථානය උදුරා ගනු ඇති.

කෙසේ නමුත් සිය සමුගැනීම නිවේදනය කරමින් ඇන්ඩර්සන් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ,

“ආයුබෝවන් හැමෝටම. එළඹෙන ගිම්හානයේ දී ලෝඩ්ස් පිටියේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මගේ අවසන් ටෙස්ට් තරගය බව පැවසීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

වසර විස්සක් වැනි ඇදගිය නොහැකි කාලයක් පුරාවට මම කුඩා කාලයේ සිට ආදරය කළ ක්‍රීඩාව මම මගේ රට වෙනුවෙන් කළා. සමුගැනීම නිසා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම මග හැරෙනු ඇත. නමුත් මම දන්නවා පසෙකට වී අනෙක් අයට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට කාලය ඇවිත් ඇති බව.

ඩැනියෙලා, ලෝලා, රූබි සහ මගේ දෙමාපියන්ගේ ආදරය සහ සහයෝගය නොමැති වුණානම් මට මේ දේවල් කරගන්න වෙන්නේ නැහැ. ඔවුන්ට
මම විශාල වශයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මා වෙනුවෙන් වෙහෙසවූ ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට ස්තූතිවන්ත වෙනවා. ඉදිරියේ ඇති නව අභියෝග සහ ගොල්ෆ් ක්‍රීඩාව වෙනුවෙන් කාලය වෙන් කර ගැනීම ගැන සතුටු වනවා.

වසර ගණනාවක් පුරා මට සහාය දුන් සැමට ස්තූතියි
ටෙස්ට් තරගයේ දී හමුවෙමු!”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *