ඇපල් සමාගමේ අළෙවිය පහළට

අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම, පසුගිය කාලය තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම මේ වන විට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අදාළ සමාගම පසුගිය මාර්තු මාසය අවසන් වීමත් සමඟ පවසා තිබුණේ, එම මාස තුන තුළ විකුණුම් ඩොලර් බිලියන 90.8 දක්වා පහළ බැස ඇති බවයි.

එය ප්‍රතිශතාත්මකව 4%ක පහත බැසීමක්.

අයිෆෝන්, අයිපෑඩ් සහ ඇපල් වොච් වැනි උපාංගවල ආදායම පසුගිය වසරේ එම කාර්තුවේ සිට අඩු වූ නමුත් ඒවාට අදාළ මෘදුකාංග සහ සේවා අලෙවිය ගොස් ඇති කාලවකවානුවකයි මේ පහළ වැටීම සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් ඇපල් නිශ්පාදනවලට සාපේක්ෂව ලෝකයේ අනෙකුත් ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *