ඇප තැබූ පිරිස 22ක් දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 22ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 11කින් ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනය කළා.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන, සිරිපාල අමරසිංහ , කේ.ආර්. කිෂාන්,සරත් චන්ද්‍රලාල් , අනුර කුමාර දිසානායක,පානි විජේසිරිවර්ධන,වික්ටර් පෙරේරා ,මුහම්මද් ඉල්යාස් සහ මානගේ පේමසිරි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *