මිරිහාන ප්රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
අදාල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය පෙත්සම්කාර පාර්ශයට දැනුම් දුන්නා