ඇමති විජිත සහ දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණාත්මක සාකච්ඡාවක.

ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් සහ දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට සාධනීය විසදුම් නොලැබුණහොත් අද පස්වරුවේ සිට දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි එම සංගමයේ ලේකම් සංජය ජයසුන්දර සදහන් කළේ.

බදවාගැනීම් හා උසස්වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා නිවැරදි කිරීම මෙලෙස ස්ථානාධිපතිවරුන් ඉදිරිපත්කර ඇති ඉල්ලීම්වලට ඇතුළත්.

මේ අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මාර්ග ද්විත්වයකින් සමන්විත මුහුදුබඩ දුම්රිය මාර්ගය ස්ථාන කිහිපයකින්ම අබලන් තත්ත්වයට පත්ව තිබෙනවා. වැල්ලවත්ත, බම්බලපිටිය, දෙහිවල, ගල්කිස්ස ප්‍රදේශවල දුම්රිය මාර්ගයේ මෙම තත්වය දක්නට ලැබෙන බවයි දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

සිල්පර කොටන් හෝ කොන්ක්‍රීට් කොට දුම්රිය පීළි මත සවි කරන ඇණ නිසි පරිදි සවි නොකිරීම, රේල් පාර මතට ක්‍රමවත් පරිදි මැටල් අතුරා නොතිබීම මීට හේතුව බවද ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළ කියා සිටියේ, ලවණ ක්‍රියාකාරිත්වය හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ පිලී වෙනත් මාර්ගවලට වඩා ඉක්මනින් මළ බැදෙන බවයි. මේ වන විට දුම්රිය පිලී පැනීම් බහුල වී ඇති අතර 2020 වසරේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ පීලි පැනීම් 570ක් පමණ වාර්තාවී විය

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *