ඇමරිකාව චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය

ඇමරිකාව චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරනවා
ඇමරිකාව හිතාමතාම ව්‍යාජ තොරතුරු පතුරවමින් චීනයේ මානව හිමිකම් තත්ත්වයට චෝදනා එල්ල කරමින් චීන නිලධාරීන් කෙරෙහි අත්තනෝමතිකව වීසා සීමා කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා අද(17) ප්‍රකාශ කළා.
චීන නිලධාරීන්ට වීසා සීමාවන් ක්‍රියාත්මක කරන බව පසුගියදා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන අතර ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලික රෙගුලාසීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි චීනය පවසන්නේ.
ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ද අසත්‍ය චෝදනා එල්ල කරන ඇමරිකානු නිලධාරීන් කෙරෙහි වීසා සීමා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *