ඇමරිකා – ඊශ්‍රායල විරෝධය මැද පලස්තීන සාමාජිකත්වය ජගත් මහ මණ්ඩලයේදී සම්මත වෙයි

ඇමෙරිකාව සහ ඊශ්‍රායලයේ විරෝධය මධ්‍යයේ පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණකාලීන සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජගත් මහා මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රටවල් 134 ක වැඩි ඡන්දයෙන්.

ඇමරිකාව, ඊශ්‍රායලය ඇතුලු රටවල් කිහිපයක් යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කළා.

ඊට අදාළ යෝජනාවේ සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ පූර්ණකාලීන සාමජිකත්වය සඳහා පලස්තීනය සියලු සුදුසුකම් සපුරා ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් අවසන් තීරණය ගනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *