ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය සුළු වැඩිවීමක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 296.97 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 296. 87ක් ලෙස සටහන් විය.
එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 306.58 කි.
ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 306.48ක් ලෙස සටහන් විය.