ඇල්පිටිය ඡන්දය සාමකාමී

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද පෙවරුවේ ආරම්භ විය.

ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශක කරන ස්ථානවල මධ්‍යස්ථාන 48 ආසන්නේ කිසිදු මැතිවරණ නීතියක් උල්ලංඝණය වීමක් වාර්තා නොවු බව හිරු නිව්ස් වාර්තාකරු පවසනවා.

ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ මධ්‍යස්ථාන වෙත යන බව දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ මැතිවරණය අද පැවැත්වෙන අතර මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ට පමණ නිකුත් කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශියේ සභා ඡන්දයේ පෙරවරු 10 වන විට සියයට 25 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇති බව හිරු නිව්ස් කල විමසීමකදී ගාල්ල මැතිවරණ තේරීම්භාර නිලධාරි ඩබ්ලිව්.ඒ්.ධර්මසිරි පවසා සිටියා.

What's your reaction?

Related Posts

1 of 386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *