ඇල්පිටිය පුංචි ඡන්දයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය උදෑසන ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට (26) දින පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඊට අදාල ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද(25) උදෑසන ආරම්භ වනවා.

ජන්ද විමසීම සදහා රාජ්‍ය නිලධාරීන් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 500 දෙනෙකු යෙදවීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි සදහන් කළේ.

මධ්‍යස්ථාන 48 කදී ජන්ද විමසීම් සිදු කරන අතර ලියාපදිංචි ජන්දදායකයින් සංඛ්‍යාව 55,643 ක්. ඡන්ද විමසීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ 8 ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරග වදිනවා.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *