ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රිය ධාවනයේදී සුපරික්ෂාකාරී වන්නැයි ඉල්ලීමක්

විවෘත කෙරුණු ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නායයෑම සක්‍රියවී ඇති කරඳගොල්ල ප්‍රදේශයේ රිය ධාවනයේදී සුපරික්ෂාකාරී වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.

අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ මෙම මාර්ගය තාවකාලිකව වසා දැමුණු අතර, අද පෙරවරු හයට එය යළි විවෘත කෙරුණා.

නායයෑම් සක්‍රිය වූ කරඳගොල්ල ස්ථානයේ පොලිස් මාර්ග බාධකයක්ද යොදා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *