ඇසළ පෝය දවසේ ජීවිත හතරක් බිලිගත් මාරක හතරක්

ඇසළ පෝය දවසේ (20) සිදු වූ මාරක අනතුරුවලින් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.

මැදවච්චිය,කැකිරාව,අනුරාධපුර සහ පයාගල ප්‍රදේශවලදී මේ අනතුරු සිදු වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේ.

මැදවච්චිය වව්නියාව මාර්ගයේදී බවුසර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීම නිසා මව පියා සහ දරු දෙදෙනා තුවාල ලැබුවා.

ඔවුන් රෝහල් ගත කරන අතර තුර එක් දැරියක මියගිය බවයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කළේ.

මේ අතර කැකිරාවේදී ට්‍රැක්ටරයක් පෙරලීමෙන් එහි රියදුරු මියගොස් තිබෙන අතර සෙසු අනතුරු දෙකෙන් මියගොස් ඇත්තේ පදිකයින් දෙදෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *