ඇහැලියගොඩ දී වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කරයි

ඇහැලියගොඩ – ඇරෑපොළ ප්‍රදේශයේ දී වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් ඔවුන්ට තියුණු ආයුධවලින් පහර දී කාන්තාව ඝාතනය කර පලාගොස් තිබෙනවා.

පහර දීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාවගේ සැමියා ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 74 හැවිරිදි තිදරු මවක් වන අතර, තුවාල ලැබූ ඇගේ සැමියා අවුරුදු 76ක් වයසැති විශ්‍රාමික යුධහමුදා නිලධාරියෙකු වනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු විදෙස් ගතව සිටින අතර එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *