ඇහැළියගොඩ නායයෑමකින් නිවාස 08ක් යටවෙයි

ඇහැළියගොඩ – ගැටහැත්ත, උඩුවක ප්‍රදේශයේදී අද දහවල් නායයෑමකින් නිවාස 08 ක් සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ, ඊයේ සිට ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති බවයි.

අදාල නායයෑම සිදු වන අවස්ථාවේ නිවෙස් කිහිපයක පුද්ගලයින් සිට ඇති අතර ඔවුන් එහිදී ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබුණා.

අදාළ ප්‍රදේශයේ නායයෑම් සිදුවිය හැකි බවට මීට පෙර නිවෙස්හිමියන් දැනුවත් කර තිබූ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *