ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මුදා හැරීමේ සිද්ධියට අදාළව විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරයෙකු අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය 09 වනදා පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව තවත් ගුරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක නිරීක්ෂණ කටයුතු සදහා එක් වූ ගුරුවරියක් බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධ්යට අදාළව පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක්ද මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම ප්‍රශ්න පත්‍ර ගැටලූව කොළඹ – කොටහේන සහ හසලක ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඒ අනුව අදාළ බලප්‍රදේශවල පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත්වී ඇති අතර, මූලික විමර්ශනයක් එමගින් සිදුකර තිබුණා.

එහිදී උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ඔහුගේ මවගෙන් හසලක පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන ද සිය භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ අතර, ඒ අනුවයි අදාළ වට්ස්ඇප් සමූහයේ පරිපාලක ලෙස කටයුතු කළ උපකාරක පන්ති ගුරුවරයා අත්ඩංගුවට ගැනුනේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *