ඉඩම් ආරවුලක් විසඳන්න ගිහින් පෙමක පැටලිලා

ස්විට්සර්ලන්ත කාන්තාවක සමඟ පෙමින් බැඳී රුපියල් ලක්‍ෂ 60ක් හා රන් භාණ්ඩ තොගයක් වංචා කළ යාපනය පොලිසියේ පොලිස් නිලධාරියකු 16දා සිට අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.

යාපනයේ පදිංචිව සිටි ස්විට්සර්ලන්තය තරුණියක් ස්විට්සර්ලන්තයට ගොස් එහි ජීවත් වන අතරවාරයේ ඇගේ ඉඩකඩම් කීපයක් පවුලේ ඥාතීන් විසින් ඇයට හොර රහසේ වංචනික ලෙස ඔවුන්ගේ නම්වලට හරවා ගෙන ඇති අතර මීට වසර තුනකට පමණ ඉහතදී ඇය ස්විට්සර්ලන්තයේ සිට යාපනයට පැමිණි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් යාපනයේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියා හා එම කාන්තාව අතර ඉතා සමීප සබඳකමක් හට ගෙන ඇති අතර පසුව එය ආදරයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම කාන්තාව පොලිසියට සඳහන් කර ඇත්තේ.

ඇයට ආදරය කළ බව කියන පොලිස් නිලධාරියා එක් ඉඩමක අයිතිය ආපසු කාන්තාව අතට පත් කිරීමෙන් පසුව ඇය හා පොලිස් නිලධාරියා අතර සම්බන්ධය තවත් වර්ධනය වී ඇති අතර කාලයක් යෑමේදී විවිධ අවශ්‍යතා කියමින් යාපනය පොලිසියේ පොලිස් නිලධාරියා ස්විට්සර්ලන්ත කාන්තාවගෙන් ණයට මුදල් ඉල්ලා ගෙන තිබෙනවා.

ඇය පොලිස් නිලධාරියාට ලබාදී ඇති ණය මුදල පමණක් රුපියල් ලක්‍ෂ 60ක් වන අතර ඊට අමතරව රන් භාණ්ඩ තොගයක්ද සාද හා තෑගි සඳහාද කාන්තාව තවත් මුදලක් වැය කොට තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

කාලයත් සමඟ පොලිස් නිලධාරියා ඇය සමඟ පැවැත්වූ පෙම් සබඳතාවයෙන් දුරස් වීමට පටන් ගැනීම නිසා කාන්තාව ඇගෙන් ණයට ගත් මුදල ඉල්ලා ඇති බවද පැමිණිල්ලේ සඳහන්.

මේ සමඟම පොලිස් නිලධාරියා දුරකථන අංකය වෙනස් කිරීම නිසා ස්විට්සර්ලන්ත කාන්තාව ඇගේ ණය මුදල ලබා දෙන මෙන් මෙවර යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

එම පැමිණිල්ල දැමීමත් සමඟ අදාළ පොලිස් නිලධාරියා යාපනයෙන් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *