ඉතාලියේ නාපෝලි නගරයේ සංචාරය අවධානම්ද ?

ඉතාලියේ තුන්වන වඩාත්ම ජනාකීර්ණ නගරයට ලෙස හදුන්වන්නේ නාපෝලි නගරයයි. අඩු ජීවන මට්ටමක් සහ ඉහළ අපරාධ අනුපාතයක් සමඟ සම්බන්ධ වී ඇතත් පීසා අවන්හල්, අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය සහ සිත් ඇදගන්නාසුළු ස්වභාවික වටපිටාව නිසා මෙම නගරය සංචාරකයින්ගේ ගමනාන්තයක් ලෙස වැඩි වැඩියෙන් ප්‍රසිද්ධ වෙමින් පවතී.

පසුගිය දින කිහිපය තුළ භූ කම්පන හේතුවෙන් ඉවත් කිරීම් සහ ගොඩනැගිලි ශක්තිමත් කිරීම වැනි අනෙකුත් ආරක්ෂක මැදිහත්වීම් සඳහා ඉතාලි රජය යුරෝ මිලියන 500ක් වෙන් කර තිබෙනවා . මුහුදුබඩ නගරයක් වන Pozzuoli හි කාන්තා බන්ධනාගාරයක රැඳවියන් සිය ගණනක් ඉවත් කිරීමට සහ දින කිහිපයක් පාසල් වසා දැමීමට සිදු වුණා .Iroma News වෙත අදහස් දැක්වූ එම නගර වැසියන් සදහන් කළේ තමන්ට මේ වන විට බියෙන් සහ තැති ගැන්මෙන් වාසයකිරීමට සිදුව ඇති බවයි.තමන්ට මෙම නගරය අතහැර වෙනත් ස්ථානයක පදිංචිවීමට නොහැකි බවද ඔවුන් සදහන් කළා.එසේ වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමෙන් රැකියා ,වාසස්ථාන හා දරුවන්ට පාසල් ද අහිමි වීමේ තර්ජනයක් පවතින බව ඔවුන්ගේ අදහසයි.

භූමිකම්පා වාර්තා වී ඇත්තේ සක්‍රීය ගිනිකඳු ආවාටයක් වන Phlegraean Fields (Campi Flegrei) හි වන අතර යුරෝපයේ පවතින විශාලතම ආවාටය මෙය වේ.

කෙසේ වෙතත් විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි මෙහි පිපිරීමක් සිදු විය නොහැක්කක් .කෙසේවෙතත් අවධානම් කලාපීය ප්‍රදේශ (Chiaia, Vomero, Pozzuoli සහ Bacoli) තුළ ජීවත් වන 500,000 ප්‍රදේශවාසීන් පවසන්නේ ඔවුන් ජීවත් වන්නේ ‘නිරන්තර කනස්සල්ලෙන්’ බව

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *