ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය 2024 සඳහා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්ද දායකයින් 903163ක් ලියාපදිංචි වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්මසිරි මහතා පවසයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 715කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
⛔2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ගාල්ල මැතිවරණ කොට්ටශයේ තැපැල් චන්ද , 42241 ක් ලියාපදිංචි වී ඇත .
⛔2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 867709 දෙනෙකු වූ අතර , 2024 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි ජන්දදායකයින් 35454 ක් වැඩිවීමක් පෙන්නුම් කරයි.
⛔දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රි ආසන ගණන 09 කි.
වැඩිම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූ 109571ක් අක්මීමණ ආසනයෙන් වන අතර 108 129 ක් හිනිඳුම ආසනයේ ඇති බවත් අඩුම ඡන්ද දායක සංඛ්‍යාව වන 57217ක් බලපිටිය ආසනයෙන් වේ.
අනෙකුත් ආසනවල ලියාපදිංචි ජන්ද දායක සංඛ්‍යාවන් වශයෙන් අම්බලන්ගොඩ 83971 ක්, කරන්දෙනිය 80658ක්, බෙන්තර ඇල්පිටිය 96971ක්, බද්දේගම 105232ක්, රත්ගම 84855ක්, ගාල්ල 87542ක් , සහ හබරාදුව 89011ක් ලියාපදිංචි වී ඇත.