ඉදිරි පැය 36 සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂාපතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ අනුව, මධ්‍යම, උතුරු මැද, සබරගමුව, ඌව, දකුණ සහ වයඹ යන පලාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
විශේෂයෙන්ම වැසිත් සමග අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.