ඉදිරි පැය 36 තුළ කැළඹෙන කාළගුණය

අද (17) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *