ඉන්දියාවට කඩුලු 6ක ජයක්

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය අද (06) පාකිස්ථානය සහ ඉන්දියාව අතර Dubai (DICS)හිදී පැවැත්වුණු අතර එහිදී කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

එහිදී Shafali Verma ලකුණු 32ක්ද, Harmanpreet Kaur ලකුණු 29ක්ද, Jemimah Rodrigues ලකුණු 23ක්ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Fatima Sana කඩුලු 2ක්ද, Sadia Iqbal හා Omaima Sohail එක් කඩුල්ලක්ද දවා ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *