ඉන්දියාවට විශිෂ්ට ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගය අද(20) ඉන්දියා – ඇෆ්ගනිස්ථාන අතර පැවැත්වුණු අතර එහිදී ලකුණු 47ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 181ක් රැස් කළා.

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු සියල්ල දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

එහිදී Azmatullah Omarzai ලකුණු 26ක්ද, Najibullah Zadran ලකුණු 19ක් ද, Mohammad Nabi ලකුණු 14ක්ද රැස් කළා.

පන්දු යැවීමේ දී Jasprit Bumrah සහ Arshdeep Singh කඩුළු 3 බැගින් ලබා ගත් අතර Kuldeep Yadav කඩුළු 2ක්ද, Axar Patel සහ Ravindra Jadeja එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දියාව ලකුණු 47ක ජයක් හිමි කර ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *