ඉන්දියාවෙන් බංග්ලාදේශයට ලකුණු 197ක ඉලක්කයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන 47 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමට වන අතර, පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වුණා.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00 Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදී ආරම්භ වූ අතර, ඉන්දීය කණ්ඩායමේ Rohit Sharma ලකුණු 23ක්ද, Virat Kohli ලකුණු 37ක්ද, Rishabh Pant ලකුණු 36ක්ද, Hardik Pandya නොදැවී ලකුණු 50ක්ද, Shivam Dube ලකුණු 34ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Tanzim Hasan Sakib සහ Rishad Hossain කඩුලු 02 බැගින්ද, Shakib Al Hasan එක් කඩුල්ලක්ද දවා ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *