ඉන්දියාවේයි ඉන්දුනිසියාවේයි කතා මොනවද?

දෙරට අතර ආරක්ෂක සහයෝගිතා, සමුද්‍රීය ආරක්ෂාව සහ බහුපාර්ශ්වික සහයෝගීතාවය යන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම ඉලක්ක කර ගත් ඉන්දු – ඉන්දුනීසියා ඒකාබද්ධ ආරක්ෂක සහයෝගීතා කමිටු රැස්වීම ඉකුත් දා පැවැත් වුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආරක්‍ෂක ලේකම් ගිරිධර් අරමානේ සහ ඉන්දුනීසියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මහලේකම් එයාර් මාර්ෂල් ඩොනී එර්මාවන් ටවුෆන්ටෝ මෙම ඉන්දු – ඉන්දුනීසියා ඒකාබද්ධ ආරක්‍ෂක සහයෝගිතා කමිටු රැස්වීමේ සම සභාපතිත්වය දැරූ බවයි.

මෙම හමුවේදී දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාවේ විෂය පථය පුළුල් වීම පිළිබඳව දෙපාර්ශ්වය දැඩි අවධානය යොමු කර තිබෙනවා.

එම රැස්වීම පිළිබඳව වාර්තා කරන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති අතර ඉන්දු-පැසිෆික් කලාපයේ හවුල් දැක්මකට ඔවුන් එකග වී ඇති බවයි.

ඉන්දුනීසියාව මෙලෙස ඉන්දියාව සමග ආරක්ෂක සබඳතා තර කර ගනිමින් සිටින්නේ ඉන්දු පැසිෆික් කලාපය වෙත චීනයෙන් එල්ල වන බලපෑම් ඉහළ යමින් ඇති පසුබිමක් තුළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *