ඉන්දියාවේ ආගමික දේශනයක් අතරතුර තෙරපීමකින් මියගිය ගණන 116ක් දක්වා ඉහළට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි හත්‍රාස් දිස්ත්‍රික්කයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ විශාල තෙරපීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ, හත්‍රාස් දිස්ත්‍රික්කයේ, සිකන්ද්‍රා රවු ප්‍රදේශයේ රතී භාන්පූර් ගම්මානයේ විශේෂයෙන් සකස් කරන ලද කූඩාරමක ආගමික දේශකයෙකු තම අනුගාමිකයන් අමතමින් සිටිය දී බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අදාළ ස්ථානයේ දැඩි තෙර්පීම මත එහි පැමිණි පිරිස්වලට හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුව ඇති අතර එය සමනය කර ගැනීමට ජනතාව ඉන් ඉවත් වීමට උත්සහ කිරීමේ දී යි මෙම තෙරපුම සිදුව ඇත්තේ.

මේ පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ද්‍රෞපදි මුර්මු ද මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේ මධ්‍යස්ථානය උත්තර් ප්‍රදේශ් රජයට හැකි සෑම උපකාරයක්ම ලබා දෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *