ඉන්දියාවේ වන්දනාකරුවන් රැගත් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ රියාසි දිස්ත්‍රික්කයේ වන්දනාකරුවන් රැගත් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරය හේතුවෙන් බස් රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකි වූ අතර බසය රාජෝරි ප්‍රදේශයට මායිම්ව පිහිටි ජම්මු සහ කාශ්මීරයේ රියාසි දිස්ත්‍රික්කයේ ශිව් කෝරි දේවස්ථානය අසල ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

මියගිය සහ තුවාල ලැබූවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති නමුත් ඔවුන් උත්තර් ප්‍රදේශ් ප්‍රදේශයට අයත් විය හැකි බවයි රියසි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෝහිත ෂර්මා පැවසුවේ.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිසිය රාත්‍රී 8.10 වන විට සියලුම මගීන් ඉවත් කර තිබෙනවා.

පොලිසිය, යුද හමුදාව සහ මධ්‍යම සංචිත පොලිස් බලකාය (CRPF) විසින් ඒකාබද්ධ ආරක්ෂක බලකායේ තාවකාලික මෙහෙයුමක් එම ස්ථානයේ පිහිටුවා ඇති අතර ප්‍රහාරකයන් සොයා ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *