ඉන්දීය අගමැති මෝදි පෝලන්තයේ සහ යුක්‍රේන සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ලබන (23) වනදා යුක්‍රේනයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

එහිදී එරට ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි හමුවී දෙරටේ ආරක්ෂක ආර්ථික සහ ව්‍යාපාරික සබදතා පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, රුසියානු ජනාධිපතිවරයා හමුවී සති කිහිපයකට පසු මෙම හමුව සිදු වීම විශේෂත්වයක්.

එමෙන්ම ඉන්දීය නායකයෙකු වසර 30 කට පසු යුක්‍රේනයේ සිදු කරන පළමු සංචාරය ද මෙයයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (21) පෝලන්තයේ සංචාරයක නිරත වීමට සූදානම් වනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගෝස්තු (21) සිට (23) දක්වා පෝලන්තයේ සහ යුක්රේනයේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පෝලන්තයේ සංචාරය කරන පළමු අවස්ථාව වනවා.

දෙරට 2024 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරමින් මෙම සංචාරය සිදු කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

”අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක්ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සතියේ අගෝස්තු 21 සහ 22 යන දිනවල පෝලන්තයේ නිල සංචාරයක නිරත වනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වසර 45කට පසු පෝලන්තයේ සංචාරයක නිරත වන බැවින් මෙය සුවිශේෂී සංචාරයකි. අපගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය ද සනිටුහන් කරන බැවින් මෙම සංචාරය සිදු වේ” යනුවෙන් සඳුදා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ලේකම් තන්ම‍යා ලාල් පැවසුවා.

“ඉන්දියා සහ පෝලන්ත සබඳතා සඳහා සුවිශේෂී වසරක මෙම ඓතිහාසික සංචාරය ලබා දෙනු ඇත. මෙම සංචාරය අපගේ නායකයින්ට ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීමට සහ විවිධ ක්ෂේත්‍රවල මෙම සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා දීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාවක්, ”ඔහු වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කිගේ ආරාධනයකට අනුව මෙම සතියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා මෙම සතියෙ සිකුරාදා යුක්‍රේනයට පැමිණෙන බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *