ඉන්දීය ලොක් සභා මැතිවරණයේ පළමු අදියර හෙට ඇරඹේ

ඉන්දීය ලොක් සභා මැතිවරණයේ පළමු අදියර හෙට ආරම්භ වන අතර, මැතිවරණ සටන මේ වනවිට උණුසුම් වී තිබෙනවා.

පළමු අදියරේදී ප්‍රාන්ත 10ක ප්‍රධාන වශයෙන් ඡන්දය විමසෙන අතර, මැතිවරණ කටයුතු සසම්පූර්ණයෙන් අවසන්වීමට මාසයක් පමණ ගතවනු අතැයි අපේක්ෂිතයි.

මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඉන්දියානුවන් සංඛ්‍යාව මිලියන 960ක්.

ලෝක් සභාවේ ආසන 543 සඳහා ඡන්දය පැවැත්වෙන අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මීට පෙර මැතිවරණයේදී ආසන 303ක් හිමිකර ගත්තා.

මෙවරත් අග්‍රාමාත්‍ය මෝදි මැතිවරණය ජයගෙන ධූරයට පත්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔහුගේ නායකත්වයෙන් ඉන්දියාව ආර්ථික බලාගාරයක් බවට පත්වනු ඇති බව, මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන තේමාවක් බවට පත්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *