ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ වන විට පවතින සිල්ලර මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව, මාසිකව සිදුවන මිල සංශෝධන සූත්‍රය අනුව පසුගිය ජූනි මස 30 වැනිදා සංශෝධනය වූ මිල ගණන් යටතේම අලෙවි කරන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

එහිදී ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 344කටත්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටර‍යේ මිල රුපියල් 379ක් ලෙසත් පවතිනු ඇති.

එමෙන්ම, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 355ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202ක් ලෙසත් පැවති මිල ගණන් යටතේම අලෙවි කෙරෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *