ඉන්ධන මිල පහළට

මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332ක් ලෙස සටහන් වුණා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 307ක්

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 352ක්

භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටර්‍යක මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *