ඉනෙන් පහළ කොටස නැති බිළිඳු මළ සිරුරක් ඇල මාර්ගයකින් හමුවෙයි

මෙතෙක් අනන්‍යතාවය තහවුරු කරගත නොහැකියි නොහැකි ඉපදී දින කිහිපයක් ගතවන ඉන කොටසින් පහළ නොමැති බිළිදු මළ සිරුරක් නුවරඑළිය පොලිස් වසමට අයත් බුළුඇළ බොරලන්ද ප්‍රදේශයේ ඇළ මාර්ගය අසලින් අද (13) සොයාගත් බව නුවරඑළිය පොලිසිය පවසනවා.

ඇල මාර්ගය අසල බිළිඳකුගේ මළ සිරුරක් ඇති බවට බොරලන්ද ප්‍රදේශවාසීන්ගෙන් නුවරඑළිය පොලිසියට ලැබුණු දුරකතන පණිවිඩයකට අනුව
මෙම මළසිරුර සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධව අවට රෝහල් හා පොලිසි සියල්ල දැනුවත් කර අදාළ මළ සිරුර හිමි දරුවාගේ දෙමාපියන් සෙවීමට නුවරඑළිය පොලිසිය මෙහෙයුම් දියත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව බිළිඳු දේහය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *