ඉරාකයේ සමාජ මාධ්‍ය තාරකාවක් වෙඩි ප්‍රහාරයකින් මරුට

ඉරාකයේ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක වන ඕම් ෆහාඩ්, බැග්ඩෑඩ් හි ඇයගේ නිවසින් පිටත දී වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

පෙරේදා (26) දිනයේ දී ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාකයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ, සමාජ ජාලවල ජනප්‍රිය කාන්තාවක් නාඳුනන වෙඩික්කරුවෙක් විසින් ඝාතනය කර ඇති බවයි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂිත කණ්ඩායමක් පිහිටුවා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්.

සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඉරාක ආරක්ෂක මූලාශ්‍රයක් සඳහන් කළේ ප්‍රහාරකයා ආහාර ඇනවුම් බෙදාහරින්නෙකු ලෙස ලෙස පෙනී සිට ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පෝප් සංගීතයට හැඩ ගන්වන ඇඳුම්වලින් නර්තන යෙදෙන වීඩියෝ බෙදාගැනීම වෙනුවෙන් ඕම් ෆහාඩ් TikTok සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රසිද්ධියට පත්ව සිටියා.

“විනීතභාවය සහ පොදු සදාචාරය” හෑල්ලු කරන වීඩියෝ පට හුවමාරු කරන බවට අධිකරණය විසින් ඇයට පසුගිය වසරේ මාස හයක සිර දඬුවමක් ද නියම කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *