ඉරානයේ කාන්තා ඇඳුම්වලට විරෝධය පා සරසවි සිසුවියක් යට ඇඳුමෙන් සැරසී ඇවිදියි

ඉරානය එරට කාන්තාවන්ට පනවා ඇති දැඩි ඉස්ලාමීය ඇඳුම් පැළදුම්වලට විරෝධය දැක්වීම සඳහා සරසවි සිසුවියක් යට ඇඳුමෙන් සැරසී සරසවි භූමිය තුළ ඇවිද යාමේ පුවතක් එරටින් වාර්තා වනවා.

ඒ ටෙහෙරානයේ විශ්ව විද්‍යාලයක සිසුවියක්.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙන්නේ එම සිසුවිය ඇගේ යට ඇඳුමෙන් එළිමහනේ වාඩි වී සිටින අතර ආරක්ෂකයින් ඇයව වට කර ඇති බවයි.

තවත් වීඩියෝවක දැක්වෙන්නේ ඇය සිය බ්‍රා සහ නිකර් පැළඳ විශ්වවිද්‍යාලය පුරා ඇවිද යන අතර මවිතයට පත් සෙසු සිසු සිසුවියන් ඇයව ඔවුන්ගේ ජංගම දුරකථනවලින් රූගත කරන ආකාරයයි.

ඉකුත් සෙනසුරාදා අසාද් විශ්ව විද්‍යාලයේ විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානය තුළ ඇති වූ ගැටුමකින් පසුව, ආරක්ෂක අංශ විසින් ශිෂ්‍යාවකට හිස් වැස්මක් පැළඳ නොසිටි නිසා පහර දීමේ සිදුවීමක් මත මේ විරෝධතාව අරඹා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *