ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙටයි

ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු හෙට (21) දිනයේදී සිදු කිරීමට නියමිත බව Tehran Times පුවත් සේවය වාර්තා කරනවා.

මේ අතර, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අනතුරින් ජීවිතක්ෂයට පත් ජනාධිපතිවරයා සහ ඔහු සමග ගමන්ගත් සෙසු පිරිස වෙනුවෙන් එරට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන අධ්‍යත්මික නායක අයතොල්ලා අල් කමේනි කටයුතු කර ඇති බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය ඊයේ (19) අනතුරට ලක්වුණේ නැගෙනහිර අසර්බයිජානයට ආසන්න ජොල්ෆා ප්‍රදේශයේදීයී.

මෙම අනතුරින් ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලයියාන්, නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ආණ්ඩුකාර මලික් රහ්මති සහ තබ්රිස් පළාතේ ඉමාම්වරයා වූ මුහම්මද් අලි අල් හෂීම් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, හමාස් සංවිධානයද ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ වියෝව සම්බන්ධයෙන් සහෝදර ඉරාන ජනතාව සමඟ දුක සහ වේදනාවේ හැඟීම් බෙදාගන්නා බවටයි.

එමෙන්ම ඉරානය සමඟ සම්පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවටද එම ප්‍රකාශයේ සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *