ඉරාන ජාතිකයින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වෙයි

ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට සහාය පළ කරමින් ඉරාන ජාතික පෙළපාලිකරුවන් පිරිසක් ටෙහෙරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වී තිබෙනවා.

ඔවුන් පෝස්ටර් සහ බැනර් අතැතිව ටෙහෙරානයේ පලස්තීන චතුරශ්‍රය ඉදිරිපිට විරෝධතාවක්ද පවත්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඔවුන් එම චතුරශ්‍රය ඉදිරිපිට විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ මීළඟ ප්‍රහාරය දරුණු විය හැකි බවටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *