ඉරාන තානාපතිවරයාට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ සාප්පු සංකීරණයක රථ ගාලක් තුළදී ඊයේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව සිද්ධියට අදාළව පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කුරුඳු වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *