ඉරාන තානාපතිවරයාට පහරදුන් පුද්ගලයා ලබන 22 දක්වා රිමාන්ඩ්

මෙරට ඉරාන තානාපති අලිරෙසා ඩෙල්ක්‍රොෂ්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසළ සේනාධීර හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක රථ ගාලක් තුළදී සැකකරු ඉරාන තානාපතිවරයාට පහරදී තිබුණේ පෙරේදා දිනයේදීයි.

පසුව අත්අඩංගුවට ගත් කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *