ඉරාන රැප් ගායක Toomaj Salehiට මරණ දඬුවම

ඉරානය තුළ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා මත සිරගත කර සිටින ජනප්‍රිය රැප් ගායක Toumaj Salehiට ඉරාන අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

33 හැවිරිදි Toomaj Salehi, 2022 ඔක්තෝම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, 22 හැවිරිදි Amini පොලිස් අත්අඩංගුවේදී මිය යාම හේතුවෙන් පැවති උද්ඝෝෂණවලට සහාය පළ කිරීම නිසා බවයි සඳහන් වන්නේ.

ඉස්ලාමීය ජනරජයේ කාන්තාවන් සඳහා වන දැඩි ඇඳුම් පැළඳුම් නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉරාන කුර්දි ජාතික තරුණියක් වන Amini ටෙහෙරානයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඇය මිය ගිය අතර ඒත් සමඟ ඉරානය පුරාම කලහකාරී තත්ත්වයක් උද්ගත වුණා.

ඒ අනුව Toomaj Salehiට එම කාලයේ පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලකර ඇති බවයි ඔහුගේ නීතිඥවරයා පැවසුවේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ සලෙහිට එරෙහිව ලබාදී ඇති දඬුවම ලිහිල්කර ගැනීමට අවස්ථාවක් ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *