ඊශ්‍රායලයේ දහස් ගණන් ජනතාව වීථි බසී

ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර ඇතුලු ප්‍රදේශ රැසක ජනතාව දහස් ගණනක් විරෝධතාවයේ නිරතවනවා.

මාස හයක් ගතවීත් හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය පිරිස් නිදහස් කරගැනීමට කටයුතු නොකළ බව පවසමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට විරෝධය දක්වමිනුයි ජනතාව මෙලෙස වීථි බැස ඇත්තේ.

ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ආණ්ඩු විරෝධී පාර්ශව මෙලෙස විරෝධතා ආරම්භ කරනු ලැබුවේ ගාසා තීරයේදී ප්‍රාණ ඇපකරුවෙකු වූ එලාඩ් කාට්සිර් නැමැත්තාගේ සිරුර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් සොයා ගැනීමත් සමගයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *