උතුම් බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදට (23)ට යෙදී තිබෙනවා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරනු ලැබුවේ අදවන් බක් පුරපසලොස්වක පෝය දිනකදීයි.

එදා නාගදීපයේ විසු චුලෝදර හා මහෝදර නම් නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරභයා ඇතිවූ ගැටළුවක් මහා යුද්ධයක් බවට පත් වී ඇති වෙන්නට ගිය විනාශය නැවත්වීම පිණිස උන් වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවා.

එමෙන්ම බුදුන් වහන්සේ දුටු සතර පෙර නිමිති අතරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුවක් නෙත ගැටීම සිදුවී ඇත්තේද මෙවන් බක් පුර පෝය දිනකදීය.

තවද බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට තම නෑදෑ වර්ගයා හට නිවන් අවබෝධ කර දීමේ අරමුණින් රජගහ නුවර වෙළුවනාරාමයේ සිට දින තිහක් පුරා යොදුන් විසි දහසක් ගමන් කොට කිබුල්වත් නුවරට වැඩම කර ඇත්තේද අද වන් බක් පුර පෝය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *