උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි

මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පොහෝ දිනය දැක්විය හැකියි.

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් දිනයක් ලෙස අද දවස සුවිශේෂී වෙනවා.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වන් දිනකයි.

එමෙන්ම සිදුහත් කුමරු ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේ ද, රාහුල කුමරුගේ උපත සිදු වන්නේ ද අද වැනි ඇසළ පුන් පෝ දිනකයි.

බුදුහිමි විසින් ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයක වීමත් විශේෂත්වයක්.

මෙවැනි උතුම් කාරණා රැසක් මූලික කරගනිමින් ඇසළ පෝය බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත් වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *