උතුරට භූ කම්පන තත්ත්වයක්

වව්නියාව සහ ඒ අවට ප්‍රදේශවලට භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

මෙම භූ කම්පන තත්ත්වය වව්නියාව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ මැදවච්චිය යන ප්‍රදේශ වෙත දැනී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පැවසුවේ මෙම භූ කම්පනය රික්ටර් මාපක 2.3ක අගයක් ගෙන ඇති බවයි.

එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූ කම්පනය පල්ලෙකැලේ, මහකනදරාව සහ හක්මණ යන භූ කම්පන මධ්‍යස්ථානවල ද සටහන් වී ඇති බවත් ඉන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *