උතුරේ වකුගඩු රෝග පාලනයට ජල පිරිපහදු 24 ක් ස්ථාපනය කෙරේ

උතුර පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ එවැනි යන්ත්‍රාගාර 18ක් විවෘත කිරීමට නියමිතයි.

උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාර ඉදි කර තිබෙනවා.

මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජල ලීටර 2,000 ක් පමණ පිරිසිඳු කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *