උද්දිකගේ වාහනයට වෙඩි තියන්න අනුබල දුන්නැයි කියන ASP රිමාන්ඩ්

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සැප්තැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

උද්දික ප්‍රේමරත්න පදිංචි අනුරාධපුර නිවස ඉදිරිපිටදී ඒ ගමන් ගත් මෝටර් රථයට නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා තිබිණි. මෙම වෙඩි තැබීම මහත් ආන්දෝලනයකට ලක්වූ සිද්ධියක් වූ අතර එය දේශපාලනමය වශයෙන් පළි ගැනීමට සිදු කළ ක්‍රියාවක් බවත් උද්දික ප්‍රේමරත්න ඝාතනය සඳහා එය සිදු කළ බවටත් ඇතැම් පාර්ශ්ව මගින් චෝදනා එල්ල කර තිබුණා.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියෝග මතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ඔහුට අයත් මෝටර් රථයට වෙඩි තැබීම රංගනයක් බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *