උද්දිකගේ සිද්ධියට රට පැන්න පොලිස් ලොක්කා අධිකරණයෙන් කළ ඉල්ලීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තමාව අත්අඩංගුවට නොගන්නා ලෙසට රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් යොමුකර තිබෙනවා.

එය අද (16) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් ඉදිරියේ සළකා බැලුනු අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කෙරුණේ ලබන 22වනදා ඊට අදාළ විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි.

නීතීඥවරයෙකු මාර්ගයෙන් මෙම අපේක්ෂිත ඇප අයදුම්පත යොමුකර තිබූ අතර, ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සජීව ජයසූරිය එය සළකා බැලීමෙන් ඉවත්වූයේ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම තම අධිකරණයේ නඩු කටයුතු සඳහා පැමිණි නිලධාරියෙකු බව පවසමින්.

ඒ අනුවයි ඇප අයදුම්පත සළකා බැලීම සඳහා අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත යොමු කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *