හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපළේදී සිය ගිනි අවිය වෙනත් පුද්ගලයෙකුට භාරදී ඉකුත් 12 වැනිදා විදේශගත වී ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
මේ අතර පොලිස් ආරංචි මාර්ගවලින් සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්රේමරත්නගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බවයි.